Friday, May 3, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩු යෝජනාව ගැන පක්‍ෂ නායක රැස්වීමේදී තීරණයක්

සජිත් තිලකරත්න/සමන්ත කුමාර




ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරීමට අද (06) පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

ආණ්ඩු පක්‍ෂය තීරණය කර ඇත්තේ හෙට දිනයේදීම ඡුන්ද විමසීමක් සිදුකර එම යෝජනාව සම්මත කර ගැනීමටයි.  

කෙසේවෙතත් අද පැවති පක්‍ෂ නායක රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊට විරෝධය පළ කර තිබෙනවා.