Friday, May 3, 2024

General line - 0115112241

ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් CIDය මාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා - ජනපති කියයි

දිනුක් හේවාවිතාරණ / සජිත් තිලකරත්න




ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් අද දින පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ජාවක් අතර වාරයේදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

පොලිසිය මාගේ භාරයට ගැනීමෙන් පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා තමාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන විමර්ශනය අවසානයේදී ඉතුරුව තිබුනේ මාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පමණයි ඉතුරුව තිබුනේ. ඒ අනුව මිට දින 04 කට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. දැන් මාස දෙකක් වනවා පොලිසිය මාගේ භාරයට අරගෙන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත් හොදින් ඉක්මනින් මේ විමර්ශන කටයුතු සිදුකරනවා.

ඉදිරි සති දෙකක් වගේ කාලයක් තුලදී රටට දැන ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශන වාර්තාව නීතිපතිවරයා වෙත භාර දීමට නියමිතයි. මම බලාපොරොත්තු වනවා නීතිපතිවරයා විසින් එම වාර්තාව ලැබීමෙන් පසු අදාළ නීතිමය කටයුතු සිදුකරනු ඇති කියලා.