Friday, May 3, 2024

General line - 0115112241

මධූෂ්ට කළ යුතු දේ ගැන ජනපති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි

හේමන්ත කහවලගේ




ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

මධූෂ් ඇතුළු ඊයේ අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් සම්බන්ධයෙන් බලපවත්වන්නේ මෙරට නීතියද නැතහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතියද යන්න පිළිබද මේ වනවිට සංවාදයක් පවතිනවා.

පවතින නීතිමය තත්ත්වයන් යටතේ ගතහැකි කි‍්‍රයාමාර්ග පිළිබද සොයා බලන ලෙසයි ජනාධිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ. අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබද ආරක්‍ෂක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ සාකච්ඡාද දැනටමත් ආරම්භ වී තිබෙනවා. 

මාකදුරේ මධූෂ් සමග ඩුබායිහි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැණුනු ශී‍්‍ර ලාංකික සැකකරුවන් අතර රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් බලපත‍්‍රයක් හිමි අයෙකුද සිටින බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.  

අදාළ වැටලීම සිදුකරන අවස්ථාවේ අංගොඩ ලොක්කා නමැති පාතාල සාමාජිකයා පැනගොස් ඇති බව මීට පෙර වාර්තා වුණා. ඔහු සමග දුම්පානය සදහා අදාළ හෝටලයේ සාදය පැවති ස්ථානයෙන් පිටතට ගොස් සිටි මාකදුරේ මධූෂ් දෙවන බිරිදද පැනගොස් ඇති බවයි මේ වනවිට වාර්තා වන්නේ. 

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දැනට ඩුබායිහි බන්ධනාගාරයක රදවා සිටිනවා.