Friday, May 3, 2024

General line - 0115112241

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම් චන්ද්‍රපේ‍්‍රම ගමගේ උපදේශක තනතුරට

හේමන්ත කහවලගේ




බුද්ධ ශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම් චන්ද්‍රපේ‍්‍රම ගමගේ එම අමාත්‍යාංශයේ උපදේශක තනතුරට පත් කර තිබෙනවා.

එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා විසින්.

එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව  තිබෙනවා.

මේ මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම පත්වීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.