Friday, May 3, 2024

General line - 0115112241

ATM යන්ත‍්‍ර අසල සැරසරන සැකකටයුතු පුද්ගලයන් සොයා පොලීසියෙන් මෙහෙයුම්

පසන් වික්‍රමතිලක/සමන්ත කුමාර




ඒ ටී එම් යන්ත‍්‍ර ආසන්නයේ සැක කටයුතු අන්දමින් ගැවසෙන පුද්ගලයන් පිළිබද පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ටී එම් යන්ත‍්‍රවල ඇති සී සී ටී වී කැමරාවලට හසු නොවන අයුරින් රැදී සිටින පුද්ගලයන් වේ නම් ඔවුන් පිළිබද තොරතුරු ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ඒ ටී එම් යන්ත‍්‍ර හරහා සිදු කෙරෙන මුදල් වංචා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණවීමත් සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබද විමර්ශන ආරම්භ කර ඇති බවයි. 

අදාළ වංචාවට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.