Friday, May 3, 2024

General line - 0115112241

අද ගේන්න ගිය ජාතික ආණ්ඩු යෝජනාව හදිසියේ නවතා ගනී

කසුන් කැළුම්




ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව අද (07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ, පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ ( 06) රාත‍්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවයි.

ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් ජාතික ආණ්ඩු යෝජනාවට විරෝධය පළ කිරීම මෙම තීරණයට හේතු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී සාකච්ඡා කර එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත්තේ.

අමාත්‍ය ධුර වැඩි කර ගැනීම නොව ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර බාධාවකින් තොරව කටයුතු කිරීම වැදගත් බව එම පක්ෂයේ බොහෝ මන්ත‍්‍රීවරුන්ගේ අදහස වී තිබෙනවා. ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ අද දිනයේදීයි.