Friday, May 3, 2024

General line - 0115112241

එජාපය අරමුණට පිටින් ගියොත් පසුපෙළ මන්ත්‍රිවරු කරන දේ යළිත් තහවුරු කරයි

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




ජාතික ආණ්ඩු යෝජනාවට සහය ලබාදීම සම්බන්ධයෙන් අද (07) පෙරවරුවේ තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ පැවසුවේ ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් තමන් ඇතුළු පසුපෙළ මන්ත‍්‍රීවරුන්ට මෙතෙක් නිසි පැහැදිලි කිරීමක් ලැබී නොමැති බවයි.

ඒ අනුව පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවලින් පසු අවසන් තීන්දුවක් ගන්නා බවයි ඔහු කියා සිටියේ. 

ජාතික ආණ්ඩුවක් යැයි සඳහන් කරමින් මෙම ගෙන එන්නේ කුමණ යෝජනාවක්දැයි තවමත් සිය කණ්ඩායමට හරි හැටි අවබෝධයක් නොමැති බවයි සඳහන් කෙරුණේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ තනි ගමනක් යෑමට ඇති අරමුණට පිටින් යම්කිසි ක්‍රියාදාමයක් ගොනු වී ඇත්නම් පසුපෙළ මන්ත්‍රිවරු මෙම යෝජනාව මගහැර කටයුතු කරන්නට බලාපොරොත්තු වන බවද සඳහන් කළා.