Friday, May 3, 2024

General line - 0115112241

දකුණු පළාතේ ඇති දිගු පෝළිමට විසඳුමක්




දකුණු පළාතේ රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන 4000 කට වැඩි පිරිසක පොරොත්තු ලේඛන අවසන් කිරීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් පවත්වන වෛද්‍ය පරීක්ෂණ සායනය පෙබරවාරි 9, 10 සහ 16, 17 යන දිනවල පෙරවරු 9.00 සිට ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවැත් වෙනවා.

රියදුරු බලපත්‍ර පූර්වගාමී වෛද්‍ය පරීක්ෂණ සිදු කරන ස්ථානයේ දිගු පෝළිම් සහිතව ජනතාව දැඩි අපහසුතාවයෙන් කටයුතු කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙනවා.

ජනතාවට මූලික පහසුකම් හෝ නොමැතිව පෞද්ගලික නිවාසයක පවත්වාගෙන ගිය වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානය වෛද්‍ය පරීක්ෂණ සිදු කර ගැනීමේදී ගැටලු රැසක් ඇති බවයි පෙන්වා දුන්නේ.

වාහන ගාල් කිරීමේ පහසුකම්, ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් හෝ මෙම ස්ථානයේ නොමැති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගාල්ල කාර්යාලයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් දිනකට සියයකට පමණ සීමා වූ අතර ඇතැම් පුද්ගලයන් නැවත හැරී යන අවස්ථාද වාර්තා වී තිබෙනවා.

පවතින ගැටළුවට ස්ථිර විසඳුමක් ලැබෙන තුරු විකල්පයක් වශයෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය  ආයතනය කොළඹ ප්‍රධාන කාර්යාලය හා ගාල්ල ශාඛාව ඒකාබද්ධව පෙබරවාරි 9,10 සහ 16,17 යන දිනවල පෙරවරු 9.00 සිට මෙම වෛද්‍ය සහතික නිකුත් කිරීමේ ජංගම වැඩසටහන පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.