Friday, May 3, 2024

General line - 0115112241

මෙරට කුඹුරු සිතියම්ගත කිරීම ඇරඹෙයි




මෙරට කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණයෙන් පරිගණක සිතියම්ගත කිරීම ආරම්භ කර තිබෙනවා.

දැනට පවතින කුඹුරුවල සංඛ්‍යා ලේඛන දත්ත නොමැති වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි අමාත්‍ය පී. හැරිසන් පැවසුවේ.  

එම තත්ත්වය හේතුවෙන් පොහොර සහනාධාරය ලබාදීම, කුඹුරු සඳහා වගාහානි ලබාදීම මෙන්ම අපේක්ෂිත වාර්ෂික අස්වැන්න පිළිබඳ වාර්තා සැකසීමට ද බාධා එල්ල වී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ හේතුවෙන් චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන මෙරට කුඹුරු සිතියම්ගත කිරීමට පියවර ගත් බවයි පී. හැරිසන් අමාත්‍යවරයා පැවසුවේ.