Wednesday, May 22, 2024

General line - 0115112241

මදූෂ්, අමල් ඇතුලු පිරිසේ රුධිර පරීක්ෂා කරයි - අමල් පෙරේරා කොකේන් පානය කරලා ?

හේමන්ත කහවලගේ




ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මදූෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණවල තොරතුරු මේ වනවිට අනාවරණ වෙමින් තිබෙනවා.

නිල නොවන වාර්තාවල දැක්වෙන්නේ අදාළ පිරිසේ සිටි ඇතැම් පිරිස් කොකේන් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. ඒ අතරට මාකදුරේ මදූෂ් සහ ගායන ශිල්පී අමල් පෙරේරාද අයත් බවට වාර්තා පළ වනවා. මාකදුරේ මදුෂ් සමග අත්අඩංගුවට ගත් පිරිසගේ රුධිර පරීක්‍ෂණයක්ද සිදු කෙරුණා. ඒවායෙහි වාර්තා මේ දක්වා නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර නැහැ. නිල නොවන වාර්තාවලට අනුව එහිදී අත්අඩංගුවට ගත් බහුතරය මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට රුධිර පරීක්‍ෂණයේදී තහවුරු වී තිබේ.

කෙසේවෙතත් මදූෂ් සමග අත්අඩංගුවට පත් සෙසු පිරිස පවසා ඇත්තේ තමන් සමග සිටි ප‍්‍රසිද්ධ කලාකරුවන් තිදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නොමැති බවයි. අත්අඩංගුවට ගත් පිරිසෙන් මීට පෙර ප‍්‍රකාශද සටහන් කර ගත්තා. 

ඔවුන් අල් රෆා සහ මුරකාබාද් යන පොලිස් ස්ථානවල රදවා සිටින බවටයි වාර්තා පළ වනවා. සිදුකරන පරීක්‍ෂණවලින් පසු ඔවුන්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගනු ඇති.