Thursday, May 16, 2024

General line - 0115112241

කෝප් කමිටුවේ සාකච්ඡා අර්ජුන් ඇලෝෂියස්ට දුරකථනයෙන් අහන්න දී කෝප් කමිටු මන්ත්‍රීවරු මුදල් අරන්




කෝප් කමිටුවේ සාකච්ඡා දුරකතනය ඔස්සේ පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට ඇසීමට සැලැස්වූ සිද්ධියක් පිළිබද මීට පෙර තොරතුරු වාර්තා වුණා. ඊට සම්බන්ධ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු පිළිබද රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී ඊයේ අනාවරණයක් සිදුකළා. ඒ, පාර්ලිමේන්තුවට ඉකුත්දා ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාව පිළිබද වූ කල්තැබීමේ විවාදයේදීයි. මේ, එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක.

 

කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති මෙහිදි කියාසිටියේ කෝප් කමිටුවේ සාකච්ඡා ඉදිරියේදී මාධ්‍යයට විවෘත කිරීමට කටයුතු කළයුතු බවයි.

 

කෝප් කමිටුවේ සාමාජිකයින් පිළිබද රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දැක්වූයේ මෙවන් අදහසක්.

 

පාර්ලිමේන්තු සංකීර්ණයේ සෝපානයක මන්ති‍්‍රවරුන් සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.