Thursday, May 16, 2024

General line - 0115112241

දිවයින පුරා වැසි වැඩි වන ලකුණු




පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් දිවයින පුරා අද අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් පැවසුවේ ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි අපේක්‍ෂා කළ හැකි බවයි.

 

කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවලද වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.