Thursday, May 16, 2024

General line - 0115112241

දිවයිනම ආවරණය වන පොලිස් මෙහෙයුමකින් 3876දෙනෙකු අත්අඩංගුවට




පොලිස්පතිවරයාගේ නියෝගය මත දිවයිනම ආවරණය වන පරිදි සිදු කෙරුණු පොලිස් මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 3,876දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරෙන්තුකරුවන් 950දෙනෙක්, බීමත් රියදුරන් 904දෙනෙක් සහ හෙරොයින් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලග තබා ගත් පුද්ගලයින් 1,033 දෙනෙකු ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

ඊයේ (08) රාතී‍්‍ර 11සිට අද (09) අලූයම 03 දක්වා කාලය තුළ එම මෙහෙයුම කි‍්‍රයාත්මක කළ බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.