Wednesday, May 15, 2024

General line - 0115112241

2015 දී ජාතික රජයක් පිහිටුවීමේ හේතුව අගමැති පහදයි




2015 වසරේ ජාතික රජයක් ආරම්භ කළේ රට ගොඩනැගීමේ අරමුණින් බවත්, එවැනි වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යද්දී ප‍්‍රශ්ණ මතුවීම ස්වභාවික තත්ත්වයක් බවත්, ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. එවැනි ප‍්‍රශ්ණ විසඳාගෙන පුද්ගලික න්‍යාය පත‍්‍ර බැහැර කොට රට වෙනුවෙන් එකමුතුව ඉදිරියට යාමට උත්සහ ගත යුතු බව ද අග‍්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළා. 

පලාත් පාලන ආයතන 93ක් සඳහා කසල බැහැර කිරීමේ යන්ත්‍රෝපකරණ බෙදා දීම වෙනුවෙන් අද පෙරවරුවේ ගාල්ලේ පැවැති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන කණ්ඩායම් එකමුතු කර ගෙන පොදු අරමුණක් වෙනුවෙන් එක පෙරමුණකට ගොනු වී රට ඉදිරියට ගෙන යාම වේගවත් කිරීම සඳහා මේ මොහොතේ ද උත්සහ දරමින් සිටින බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.