Wednesday, May 15, 2024

General line - 0115112241

ඉදිරියේදී පොලිස් දෙපාර්තමේන්තුවේ පරිවර්තනයක් - ජනපති කියයි




ජනාධිපතිවරණයට පෙර ස්ථීර වශයෙන්ම පළාත්සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව නව නගරයේ අද පැවැති පොළොන්නරුව දිස්ති‍්‍රක් මහජන හමුව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

මත්කුඩු ජාවාරම්, අපරාධ හා පාතාල මර්ධනයට ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළීබඳව ද ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළා.

ඉදිරි මාස කිහිපයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ පරිවර්තනයක් සිදු කරන බව ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළා.