Thursday, May 16, 2024

General line - 0115112241

කි‍්‍රකට් නිලවරණයේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප වූ දෙදෙනා නඩු මගට

සමන්ත කුමාර




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් කළ සිය නාම යෝජනා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බව මොහොන් ද සිල්වා සහ රවීන් වික‍්‍රමරත්න පවසනවා. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණ අභියාචනා කමිටුව විසින් සිය නාම යෝජනා ප‍්‍රතික්‍ෂේප කිරීමේ තීරණය කිසිසේත් පිළිගත නොහැකි බවයි ඔවුන් නෙත් නිවුස් කළ විමසීමකදි කියා සිටියේ. 

කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වී සිටින හය දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී තිබුණා. ඒ අනුව සභාපති ධුරය සදහා ඉදිරිපත් වී සිටි මොහොන් ද සිල්වා සහ උප සභාපති තනතුරට නාමයෝජනා භාරදුන් රවීන් වික‍්‍රමරත්නගේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප කිරීමටයි අභියාචනා කමිටුව තීරණය කළේ. කෙසේවෙතත් විරෝධතා ඉදිරිපත්ව තිබූ ජයන්ත ධර්මදාස සහ ශම්මි සිල්වා සභාපති ධුරය සදහා තරග වැදීමට සුදුසු බව එම කමිටුව මගින් නිර්දේශ කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 21 වනදායි.