Wednesday, May 15, 2024

General line - 0115112241

නීති විරෝධීව විදුලිය ලබාගත් 2000ක් අත්අඩංගුවේ




නීති විරෝධීව විදුලිය ලබාගත් පුද්ගලයින් 2522 දෙනෙකු ඉකුත් වසරේ දී අත්අඩංගුවට ගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. කොකු යොදා විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 253ක් ද ඇතුළත් බවයි එම අමාත්‍යංශය පැවසුවේ. 

මීටර් වෙනස් කිරීමේ සිද්ධීන් 2269ක් ද ඒ අතර වනවා. වංචනිකව විදුලිය ලබා ගන්නා පුද්ගලයින් පිළිබද තොරතුරු 1901 සහ 1987 යන ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ දැනුම් දෙන ලෙයසි විදුලි බල අමාත්‍යංශය ඉල්ලා සිටියේ.