Thursday, May 16, 2024

General line - 0115112241

මදූෂ් ඇතුළු පිරිසගේ ඉදිරි කටයුතු පිළිබඳව පොලිසියට ඩුබායි අධිකරණයෙන් දුන් අවසරය

හේමන්ත කහවලගේ




මාකඳුරේ මදූෂ් සමග අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 31 දෙනා හෙට හෝ අනිද්දා ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊයේ දිනයේ ඩුබායි පොලිසිය විසින් මෙම පිරිස සම්බන්ධයෙන් එරට අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් පමණක් සිදු කළ බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන්ගෙන් තවදුටරටත් ප‍්‍රශ්න කරන ලෙස ඩුබායි අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබෙනවා. ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකදූරේ මදූෂ්ගෙන් රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින් යුත් දියමන්ති මංකොල්ලයක් සම්බන්ධයෙන් ද ප‍්‍රශ්න කර ඇතැයි සඳහන්.