Wednesday, May 15, 2024

General line - 0115112241

"ආණ්ඩුව පස්ස ගැහුවත් ජනපති අත්නොහරී" - මදූෂ්ගේ විමර්ශන ගැන මන්ත්‍රිවරයෙක් කියයි

ප්‍රගීත් ජානක




මාකදූරේ මදූෂ්ට එරෙහිව ආණ්ඩුව නීතිමය පියවර ගැනීමට පසුබට වුවත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර පවසනවා. ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

එහිදී ඔහු පෙන්වා දුන්නේ ජනාධිපතිතුමා පොලිසිය භාර ගැනීමෙන් අනතුරුව රටේ වැඩ කොටසක් සිදු වෙන බව පැහැදිළිව පෙනෙන්නට ඇති බවයි. 

කෙසේවෙතත් මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග අදහස් දක්වමින් සඳහන් කළේ කරන කෙනා වැඩ කරන බවත් නොකරන කෙනා වැඩ නොකරන බවයි. කාට ගෞරවය ගියත් මෙවැනි දේවල් සිදුවිය යුතුව ඇති බවද පෙන්වා දුන්නා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර ද සඳහන් කළේ පාතාල ක්‍රියාකාරීන් මෙතෙක් කල් ආරක්ෂා වුයේ දේශපාලන රැකවරණ මතයි යන කාරණය දැන් සියලු දෙනාම පිළිගන්න කරුණක් බවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිසිය විෂය භාර ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙනදාට වඩා මර්දන ක්‍රියාකාරකම් සිදුවෙමින් ඇති බව පෙනෙන්නට තිබෙන බවද සඳහන් කළා