Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්ධන මිල ගැන අලුත්ම තීරණය අද

දිල්ශාන් තුෂාර




ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මිල සූත‍්‍ර කමිටුව අද (11) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමක දී මුදල් අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඉන්ධන මිල අඩු හෝ වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගනු ඇති බවයි. 

සෑම මසකම 10 වැනිදා මිල සූත‍්‍ර කමිටුව රැස්වී ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ තීරණයක් ගනු ලබනවා. කෙසේවෙතත් ඊයේ (10) නිවාඩු දිනයක් වූ බැවින් අද දිනයේ එම කමිටුව රැස්වන බවයි මුදල් අමාත්‍යංශයේ ප‍්‍රකාශකයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

ඉකුත් ජනවාරී මස 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය අනුව පෙට‍්‍රල් සහ ඞීසල් ලීටරයක මිල රුපියල් 02 බැගින් අඩු කෙරුණා.