Saturday, May 4, 2024

General line - 0115112241

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරිව පොලිසියෙන් සොයයි

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බණ්ඩාරවෙල පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඒ සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර හැර ඇති බවයි.

මන්තී‍්‍රවරයාට අමතරව සිද්ධියට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයන බව ද ඔහු සඳහන් කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරිගේ රියදුරා මේ මස 18 වැනිදා දක්වා ඊයේ (11) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

පෙරේදා (10) රාති‍්‍රයේ මන්තී‍්‍රවරයා කළ පහරදීමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකු තුවාල ලැබුවා. ඒ, බණ්ඩාරවෙල වටරවුම අසළදී පොලිස් ජීප් රථය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පැමිණි ජීප් රථය පසුකර යාම හේතුවෙන්. 

අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලිසිය කථානායකවරයා වෙත ඊයේ දිනයේම දැනුම් දී තිබුණා.