Saturday, May 4, 2024

General line - 0115112241

මදූෂ් ඇතුළු පිරිස ගැන දැනගන්න රන්ජන් ඩුබායි වෙත ඇමතුමක් ගනී - මදූෂ් ඇල්ලීමේ ප්‍රධාන ගෞරව යා යුතු පුද්ගලයාවත් නම් කරයි

හේරත් ඒකනායක/පසන් වික්‍රමතිලක




මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ගෞරවය හිමිවිය යුතු ප‍්‍රධාන පාර්ශ්ව කිහිපයක් සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී සඳහන් කෙරුණේ "මදූෂ් අල්ලන සිද්ධියේ ප්‍රධාන ගෞරවය යන්න ඕනේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයාටයි." යනුවෙනි.

මෙහිදී මාධ්‍යවේදීන් ඉදිරියේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඩුබායිහි සිටින බව කියන පුද්ගලයෙකුට දුරකතන ඇමතුමක් ලබා ගත්තා.

මේ අතර මාකඳුරේ මදූෂ් සමග අත්අඩංගුවට ගත් 27දෙනෙකු සම්බන්ධයෙන් මේවනවිට පරීක්ෂණ අවසන් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.