Saturday, May 18, 2024

General line - 0115112241

මත් ජාවාරමේ මහ මොළ ගැන හිමිනමකගෙන් අකුරු ඉඟීයක්

සමන්ත කුමාර




ජාතික සංඝ සම්මේලනය අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ද මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ අදහස් පළ වුණා. මේ, එහිදී අදහස් දැක්වූ එහි ප‍්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන්. 

ඇතැම් නීතිඥවරුන් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ක්ෂේත‍්‍ර ගණනාවක පැතිරී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම රටවල් පාලනය කිරීමට තරම් ශක්තිමත් බවද පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් පෙන්වා දෙනවා. 

මත්ද්‍රව්‍ය ජාවාරම සැබෑ ලෙස මර්දනය කිරීමට නම් ජනතාව මෙම සැබෑ තත්වය තේරුම් ගෙන එකට එක්විය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.