Saturday, May 18, 2024

General line - 0115112241

ඉන්ධන මිල වැඩි කිරීම පිටුපසත් බද්දක් - අනුර යාපා හෙළි කරයි

මහේෂ් චතුරංග / ලලිත් චාමින්ද




ඊයේ (11) මධ්‍යම රාත‍්‍රියේ සිට සිදු කෙරුණු ඉන්ධන මිල වැඩි කිරීම රටේ ආර්ථික කඩා වැටීම පිළිබඳ තවත් උදාහරණයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර යාපා අබේවර්ධන පවසනවා. මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීයි. 

ශ‍්‍රී ලංකාව මේ වනවිට ආසියාවේ දුර්වලම රට බවට පත්ව ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් අද විරෝධතාවක ද නිරත වුණා. සම්පත් අතුකෝරළ සහ චන්න සාලිය මෙන්ඩිස් යන මන්ත‍්‍රීවරුන් සභාවට පැමිණියේ හිස් කෑන් සහ පන්දම් රැගෙන ත‍්‍රීරෝද රථයකින්. කෙසේවෙතත් හිසි කෑන් සහ පන්දම් රැගෙන මන්ත‍්‍රීවරුන් සභාවට පැමිණීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් විරෝධය පළ කළා. අශෝක ධනවංශ මන්ත‍්‍රීවරයා එහිදී කියා සිටියේ සම්පත් අතුකෝරළ මන්ත‍්‍රීවරයාට රුපියල් කෝටි 03ක් වටිනා වාහනයක් ලබාදී ඇති බවයි. ඔවුන් පැමිණි ත‍්‍රීරෝද රථවලට ඉන්ධන ලබාදෙන්නේ ද පළාත් සභාවෙන් බව අශෝක ධනවංශ මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා. 

මෙම අවස්ථාවේ ද සම්පත් අතුකෝරළ සහ චන්න සාලිය මෙන්ඩිස් යන මන්ත‍්‍රීවරුන් සටන්පාඨ කියමින් තවදුරටත් විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.