Friday, May 10, 2024

General line - 0115112241

අද උදේ අටේ සිට පැය 21ක ජල කප්පාදුවක්

දිල්ශාන් තුෂාර




මහරගම සහ හෝමාගම ඇතුළු ප‍්‍රදේශ රැසකට අද (13) පෙරවරු 08.00 සිට හෙට (14) අලුයම 05.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටවෙනවා.

බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, මීපේ සහ පාදුක්ක යන ප‍්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති.

කලටුවාව ජල පවිත‍්‍රාගාරයේ සිට මහරගම දක්වා එලා ඇති ප‍්‍රධාන නල මාර්ගයක ජල කාන්දුවක් සිදුව තිබෙනවා. එහි අලූත් වැඩියාවන් සඳහා ඉහත ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.

අපහසුතා මගහරවා ගැනීමට කල් ඇතිව ජලය රැස්කර තබා ගන්නැයි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් ද කෙරුණා.