Sunday, May 19, 2024

General line - 0115112241

මදූෂ් සමග සබඳතා පැවැත් වූ නිලධාරීන් ගැනත් අවධානය

දිල්ශාන් තුෂාර




මාකඳුරේ මදූෂ් සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට හෝ වෙනත් අපරාධ සඳහා සහය දුන් බන්ධනාගාර නිලධාරීන් වෙතොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව ආණ්ඩුව පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමක දී බන්ධනාගාර අධීක්ෂණ මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි ඒ පිළිබඳ කරුණු දැක්වූවා. 

මාකඳුරේ මදූෂ් ඇතැම් දේශපාලඥයින් සහ කලාකරුවන් සමග මෙන්ම ඇතැම් බන්ධනාගාර නිලධාරීන් සමග ද සබඳතා පවත්වා ඇතැයි ඉකුත් දිනවල වාර්තා පළ වුණා. නෙත් නිවුස් මෙම විමසීම කළේ ඒ බව පාදක කර ගනිමින්.