Sunday, May 19, 2024

General line - 0115112241

ඡන්දය කඩිනම් කිරීමේ කැබිනට් පත්‍රිකාව දිගින් දිගටම කල් යනවාලු

දිල්ශාන් තුෂාර




පළාත් සභා ඡන්ද විමසීම් කඩිනමින් පැවැත්වීම සඳහා ඉදිරිපත්ව ඇති කැබිනට් පත‍්‍රිකාව දිගින් දිගටම කල් දැමීම එක්සත් ජාතික පක්ෂයේ උවමනාවක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක පවසනවා.

කැබිනට් මණ්ඩලය ඊයේ (12) රැස් වූ අවස්ථාවේදී ද මෙම කැබිනට් පත‍්‍රිකාව සලකා බැලුණත් කථානායකවරයා සමග සාකච්ඡා කර නැවත සතියකින් එය ඉදිරිපත් කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

එහෙත් මෙවැනි කැබිනට් පත‍්‍රිකාවක් සම්බන්ධයෙන් කථානායකවරයා සමග සාකච්ඡා කිරීම අවශ්‍ය නොවන බව එස්. බී. දිසානායක මන්ත‍්‍රීවරයා පවසනවා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හෙක්ටර් අප්පුහාමි මන්ත‍්‍රීවරයාගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ ඡන්ද විමසීම් කල් දමන්නේ තමන් නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් බවයි. 

අදාළ කැබිනට් පත‍්‍රිකාව සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් විමසීමට අවශ්‍ය වන්නේ පැවති මැතිවරණ ක‍්‍රමය වෙනස් කරමින් නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දීමට පනතක් සම්මත කර ඇති නිසා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

එම පනත වෙනුවට යළි පැවති මැතිවරණ ක‍්‍රමය පළාත් සභා ඡන්ද විමසීමේදී යොදා ගන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුව ක‍්‍රියා කළ යුත්තේ කෙසේදැයි අදහසක් දැක්විය හැක්කේ කථානායකවරයාට බවයි හෙක්ටර් අප්පුහාමි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.