Sunday, May 19, 2024

General line - 0115112241

චමින්ද විජේසිරි භාරවෙයි




පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනාවකට ලක්ව බණ්ඩාරවෙල ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය සැක පළ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මේ වන විට භාර වී ඇති බව වාර්තා වෙනවා.

නීතිඥයෙකු මාර්ගයෙන් බණ්ඩාරවෙල අධිකරණයට ඔහු භාර වී ඇති බවයි වාර්තා වුණේ.

මීට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු පොලිසියට ද දැනුම් දීමක් සිදු කර තිබුණා.

ඉකුත් 10 වැනිදා රාති‍්‍රයේ මන්තී‍්‍රවරයා කළ පහරදීමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකු තුවාල ලැබුවා. ඒ, බණ්ඩාරවෙල වටරවුම අසළදී පොලිස් ජීප් රථය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පැමිණි ජීප් රථය පසුකර යාම හේතුවෙන් ඇති වූ බහින්බස්වීමකින් අනතුරුවයි.