Sunday, May 19, 2024

General line - 0115112241

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඹය ගේන්න පියවර

නිශාන් ද සිල්වා




මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කඹය විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ගෙන්වා ගැනීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත දැනටමත් ලිඛිත ඉල්ලීමක් ද කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය පැවසුවා. 

කඹය මිලදී ගැනීම සඳහා දැනට එල්ලා මැරීම මගින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන රටක් තෝරාගන්නැයි ද මෙමගින් යෝජනා කර තිබෙනවා. පාකිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව සහ සිංගප්පූරුව එවැනි රටවල් කිහිපයක්. 

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව දැනට ඇති කඹය මීට වසර 12කට පමණ පෙර ගෙන්වා ගත් එකක්. එය පරිත්‍යාගයක් ලෙස පාකිස්තානයෙන් ලැබී තිබෙනවා.