Sunday, May 19, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පමණක් මරණ දඬුවම ලබාදීමට ජවිපෙ විරෝධය

දිල්ශාන් තුෂාර




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පමණක් මරණ දඬුවම ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිනොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා. 

"මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ගෙයි..ළමා අපචාරකයෙකුගෙයි...ස්ත්‍රී දූෂකයෙකුගෙයි...මිනීමරුවෙකුගෙයි සහ රාජ්‍ය භාණ්ඩාගාරය මංකොල්ලකන අයගෙයි අපිට ලොකු වෙනසක් පේන්නේ නෑ. එල්ලලා මරණවානම් ඔය ඕක්කොම එල්ලන්න ඕනේ. කැබිනට් එකෙන් භාගයක් තමයි එතකොට එල්ලන්න වෙන්නේ.  දැන් ඔය තියෙන විදිහට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා නෙමෙයි මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වෙච්ච විවිධ පුද්ගලයින් තමයි අහුවෙන්නේ."

මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම මගින් අපරාධ අවම කළ හැකි බවට තමන් විශ්වාස නොකරන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මෙහිදී කියා සිටියා.