Sunday, May 19, 2024

General line - 0115112241

මහින්ද යළි දිවයිනට

ටී.කේ.ජී කපිල - කටුනායක




ඉන්දීය සංචාරයක නිරත වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද (13) දහවල් යළි ශ‍්‍රී ලංකාවට පැමිණියා.

දහවල් 12.10ට පමණ ඉන්දියාවේ හයිද්‍රාබාද් සිට පැමිණි ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 178 දරණ යානයෙන් මෙම පිරිස ශ‍්‍රී ලංකාවට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපලේ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.  

‘‘ද හින්දු” පුවත්පත සංවිධාන කළ ‘‘බැංගලෝර් සමුළුව” සඳහා සහභාගීවීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඉකුත් 08 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගියා.