Friday, May 10, 2024

General line - 0115112241

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

අධිකරණ වාර්තාකරු




ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 27 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතික සැකකරු ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක අද නියෝග කළේ.

මෙර්සිලි තෝමස් නමැති ඉන්දීය ජාතික සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබද කරුණු මීළග දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා එහිදී පොලිසියට නියෝග කළේ.