Thursday, May 16, 2024

General line - 0115112241

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ඇරඹුවා - එජාප මහ ලේකම්

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




මැතිවරණයකට මුහුණ දීම සඳහා පක්ෂය ප‍්‍රතිසංවිධාන කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඒ යටතේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුලූ පක්ෂයේ සියලූම මහජන නියෝජිතයින් සියලූදෙනා එක් එක් දිස්ති‍්‍රක්ක වෙත කැඳවා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කියා සිටියා. 

ඒ අනුව එළඹෙන මාර්තු 10 වනදා කලූතර දිස්ති‍්‍රක්කයෙන් වැඩසටහන ආරම්භ කෙරෙන බව ද එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවා.