පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග අකුණු ඇති වීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ මෙවර අප්‍රේල් මාසයේ වෙනත් වසරවලට සාපේක්ෂව අකුණු අඩු වූ බවයි.
නමුත් මේ වන විට සක්‍රීය වෙමින් ඇති නිරිත දිග මෝසම් කාලගුණයේදී වැඩි වශයෙන් අකුණු ඇති විය හැකි බවයි ඔහු පැවසුවේ.
මෙවර නිරිතදිග මෝසම සක්‍රීය වූ පසු වෙනත් වසරවලට සාපේක්ෂව වැඩි වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.
ඉකුත් දින කිහිපයේ ප්‍රදේශ කිහිපයකින් අකුණු අනතුරු වාර්තා වූ අතර චාජරයට ගැසූ ජංගම දුරකතනයක් භාවිත කරමින් සිටි කුඩා දරුවෙකුටද අකුණු සැර වැදී තිබුණා.