Thursday, May 16, 2024

General line - 0115112241

එජාප ජනාධිපති ධූර අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක්

කසුන් කැළුම්




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේ්ක්ෂකයා ලබන මැයි දිනයේදී ප‍්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

එහිදී "එක්සත් ජාතික පක්ෂය විශාල පෙරමුණක් හැටියට ඉදිරියේදී එයි. ඒකේ සාකච්ඡා සිදු කෙරෙනවා. අද තත්ත්වය අනුව මැයි පළමු වැනිදා වෙනකොට අපිට කියන්න පුළුවන් වෙයි. අපේ එජාප අපේක්ෂකයා..පොදු අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙයි.." යනුවෙන් සඳහන් කළා.

ජනාධිපතිධූර අපේක්ෂකයා පිළිබඳ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මේ වනවිට අර්බුධයක් නිර්මාණය වී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.