Thursday, May 16, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ ආ තරුණයින් 17දෙනෙකු අත්අඩංගුවට

රංජිත් රාජපක්ෂ - හැටන්




මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණි තරුණයින් 17දෙනෙකු හැටන් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස හැටන් මාර්ගය ඔස්සේ වන්දනාවේ පැමිණි පිරිසක් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගැනුණු තරුණයින් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා සහ මත්ගුලි සොයා ගත් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, මාතර සහ කොළඹ පදිංචි අවුරුදු 25 ත් 30ත් අතර වයස් සීමාවල පසුවන තරුණයින් පිරිසක්. සැකකරුවන් හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත අද (17) ඉදිරිපත් කිරීමට නියමිතයි.