Wednesday, May 15, 2024

General line - 0115112241

වතු කම්කරු මූලික වැටුප වැඩි කරන්නැයි ඉල්ලා අදත් උද්ඝෝෂණ

රංජිත් රාජපක්‍ෂ




වතු  කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්නැයි ඉල්ලා අද (17) දිනයේද හැටන් නගරයේදී උද්ඝෝෂණ සිදු කෙරුණා. කළු කොඩි ඔසවා විරෝධතා පුවරු රැගෙන ඔවුන් මෙලෙස හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

රුපියල් දහසක මූලික වැටුපක් ලබාදීමට වතු සමාගම්වලට හැකියාවක් තිබියදීත් රුපියල් 700 ක පමණ වැටුපක් ලබාදීමට සූදානම්වීම පිළිගත නොහැකි බවයි උද්ඝෝෂණයට එක්වූවන් පවසන්නේ. ලබන අයවැයෙන්ද වතු කම්කරුවන්ට පිළිගත හැකි ලෙස වැටුප් වැඩිවීමක් සිදුවනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකි බව ඔවුන් වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.