Thursday, May 16, 2024

General line - 0115112241

කොකේන් භාවිත කරන ඇමතිවරු හෙළි කරන්නැයි පොලීසියට පැමිණිල්ලක්

හේමන්ත කහවලගේ




කැබිනට් මණ්ඩලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින්නේ නම් රට හමුවේ අනාවරණ කරන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ගොණු කෙරුණා. ඒ, සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින්. එහි කැදවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්ත පැවසුවේ රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත්දා සිදුකළ මෙම ප‍්‍රකාශය මුල් තොරතුර සේ ගෙන පරීක්‍ෂණ සිදුකළ යුතු බවයි. ඔහුගේ අදාළ ප‍්‍රකාශය කිසිසේත්ම බැහැර කළ නොහැකි බවද නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්ත අදාළ පැමිණිල්ල සිදුකිරීමෙන් පසු මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළා.

මේ අතර රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත්දා සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන අද (17) අදහස් පළ කළේ මෙලෙසයි.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.