Saturday, May 18, 2024

General line - 0115112241

කිරිපිටි ගැන ජනතාව විශ්වාස කළ යුත්තේ කුමක්ද?




නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ විසින් ලංකාවේ පරිභෝජනය කරනු ලබන කිරි පිටි පිළිබඳව සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සමඟ ලාංකීය කිරිපිටි වෙළඳපොල මෙන්ම, මෙතෙක් කිරිපිටි පරිභෝජනය කළ ජනතාව ද දැඩි චිත්ත පීඩාවකට මෙන්ම දෙගිඩියාවකට පත් වී ඇති බව රෝගීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් ධම්මික එදිරිසිංහ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ කිරිපිටි පිළිබඳ නිවරැදි සත්‍ය ජනතාවට හෙළි කළ යුතු බවයි.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ  "ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අපේ වැනි රටකට කිරිපිටි නොගැළපෙන බවයි. මෙම සියල්ලටම පිළිතුරු දෙමින් සෞඛ්‍ය , පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ 'කිරිපිටි පරිභෝජනය කිසිදු ගැටළුවක් නොවන බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සොයා බැලීම් තුළින් තවදුරටත් සනාථ වී ඇති බවයි. මේ අතර පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනුයේ 'දැනට කිරිපිටි වල අන්තර්ගතය පිළිබඳ පරීක්ෂණ කිරීමට දැනට රජය යටතේ ඇති පර්යේෂණ ආයතන විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.' ඒ අතරම එම සංගමය පවසන්නේ 'කිරිපිටි ඇතුළු ආහාර සම්බන්ධ පරීක්ෂණ කටයුතු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සතුව  සම්පත් නොමැති බවයි.' " යනුවෙනි.

දැන් සත්‍ය පවසන්නේ කවුද?.. බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ද? ජනාධිපතිවරයාද? සෞඛ්‍ය අමාත්‍යවරයා ද? යන්න ඔහු ප්‍රශ්න කරනවා. මෙම කරුණ පිළිබඳව රජය සහ කිරිපිටි සමාගම් අතර ද එකඟතාවයක් නොමැති බව පෙනී යන කරුණක් බවත් සඳහන් කරනවා.

ලංකාවේ වාර්ෂික කිරිපිටි ආනයනය මෙට්‍රික් ටොන් 99,000ක්. ඒ වෙනුවෙන් පිටරටට ලංකා ආර්ථිකයෙන් ඇදී යන මුදල ඩොලර් මිලියන 400 ක්. දෛනික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 271 ක් පමණ වනවා. මේ අතර ලංකාවේ දියර කිරි නිෂ්පාදනය 10% ක් වන අතර 90%ක් ම පිටිකිරි නිෂ්පාදනය සඳහා යෙද වෙනවා.

(අදාළ නිවේදනයේ සඳහන් වැඩිදුර කරුණු පහතින් දැක්වෙයි)