Friday, May 17, 2024

General line - 0115112241

රංජන්ගේ කොකේන් ප‍්‍රකාශය ගැන පාර්ලිමේන්තුවේදීත් කතාබහක්

පසන් වික්‍රමතිලක/තරංග රුක්ෂාන්




රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශය පිළිබද පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ වුණා.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ අදාළ ප‍්‍රකාශය පිළිබද විමර්ශනය කිරීමට කමිටුවක් ද පත්කර ඇති බවයි.

එම කමිටුව සිය විමර්ශන වාර්තාව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප‍්‍රකාශය මේ වනවිට දැඩි කතා බහක් මතුකර තිබෙනවා.