Saturday, May 18, 2024

General line - 0115112241

කොකේන්වලට ඇබ්බැහි වූ මන්ත‍්‍රීවරුන් ගැන වාර්තාවට පෙර කිරිඇල්ලගෙන් අනාවැකියක්

කමල් සුරවීර / රංජිත් රාජපක්ෂ




කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන කිසිදු මන්ත‍්‍රීවරයෙකු පාර්ලිමේන්තුව තුළ නොමැති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර පාතදුම්බර ප‍්‍රදේශයේ දී අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

මේ අතර කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් ද සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේ ද විවිධ අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීම තුළින් එක්සත් ජාතික පක්ෂයේ කොකේන් භාවිත කරන මන්ත‍්‍රීවරුන් සිටින බව සානථ වී ඇති බවයි. 

ලංකා කම්කරු කොංග‍්‍රසයේ මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය එම් රාමේෂ්වරන් ද මේ සම්බන්ධයෙන් තලවකැලේ ප‍්‍රදේශයේදී අද අදහස් පළ කළා. 

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදු කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද පොල්පිටිය ප‍්‍රදේශයේ දී අමාත්‍ය රවී කරුණානායකගෙන් මෙලෙස ප‍්‍රශ්න කළා.