Saturday, May 18, 2024

General line - 0115112241

නීති කැඩූ රියදුරන් පන්දහසකට නඩු




ඊයේ (22) රාත‍්‍රියේ සිට අද (23) අලූයම දක්වා සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමක දී වරෙන්තුකරුවන් 938 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 3711 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝගයකට අනුව මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර බීමත් රියදුරන් 768 දෙනෙකු ද වනවා. මාර්ග නීති කඩ කළ රියදුරන් 5,818 දෙනෙකුට එරෙහිව මෙම මෙහෙයුමේ දී නඩු පැවරූ බවද පොලිස් මූලස්ථානය පැවසුවා.