Friday, May 3, 2024

General line - 0115112241

මෙවර අයවැය එජාපයේ අවසන් අයවැය බව විපක්ෂය කියයි

හේරත් ඒකනායක/ලහිරු කපුගේ / මහේෂ් චතුරංග




පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කෙරෙන අයවැය එක්සත් ජාතික පෙරමුණ රජයේ අවසන් අයවැය බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (04) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

2015 වසරේදී බලයට ඇවිල්ලා මේ වෙනකම් අයවැය ගණනාවක් ඉදිරිපත් කළා. එකෙන් දුන් පොරොන්දු ඉටු කරලා තමයි ඉදිරි අයවැය ගෙන්න ඕනේ. නමුත් මේ ආණ්ඩුව එහෙම කරලා නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව ඉදිරිපත් කරන අවසන් අයවැය තමයි මේ. අනිත් කරුණ තමයි එක්සත් ජාතික පෙරමුණ සහ මුස්ලිම් කොන්ග්‍රසය එක් වුනාම මන්ත්‍රිවරුන් 101යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්වුනාම මන්ත්‍රිවරුන් 102ක් සිටිනවා. ඒ අතරේදී විජිතමුණි සොයිසා, ෆවුසි, මනුෂ නානායක්කාර, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනවිරත්න කියන මන්ත්‍රිවරුන් විශාල සාධකයක් වනවා. ඒ අය ආණ්ඩුවට එරෙහිව අපේ පැත්තට ආවොත් මේ අයවැය පරාජය කරන්න හැකියාව තියෙනවා යැයි මන්ත්‍රිවරයා කියා සිටියා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ද මෙහිදී අදහස් පළ කළා. 

පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන අයවැය සුන්දර කතාවලින් පිරුණු එකක් වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන අද මහනුවරදී ප‍්‍රකාශ කළේ.