Friday, May 3, 2024

General line - 0115112241

රත්ගම ද්වි-පුද්ගල ඝාතනයට තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් CID අත්අඩංගුවට

කසුන් කැලුම්




රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්  දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ CID අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මේ අතර රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයා සහ අඩවි වන නිලධාරියා ලබන 13වනදා දක්වා අද (04) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්. 

අත්අඩංගුවට ගැනුණු මෙම පොලිස් කොස්තාපල්වරයා පළා ගොස් සිටි අතර ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වුණා. ඔහුගෙන් ලද තොරතුරකට අනුව මෙම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකතන 02 දික්වැල්ල ප‍්‍රදේශයේ ජලාශයක තිබී සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.