Friday, May 3, 2024

General line - 0115112241

ජවිපෙ ගැන වාසු සැකයෙන්

කසුන් කැලුම්




20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග සිදු කරන ගනුදෙනු සම්බන්ධයෙන් කිසිඳු විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම ඇතුළු 20වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට ලබන 06වනදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවන බව ජනතා විමුක්ති පෙරමුණ අද ප‍්‍රකාශ කළා. 

මේ අතර 20වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අද දිනයේද දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. මේ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති. 

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන අද මෙලෙස අදහස් පළ කළා.