Sunday, May 19, 2024

General line - 0115112241

කණ්ඩායම් හැඟීම ගැන "නෙත් යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණුව තුලින්" ඉගෙන ගත්තා




කොත්මලේ ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 39 වන අදියරේ දෙදින පුහුණු කඳවුරේ පළමු දිනය අදයි. මේ ඊට එක්වූ සිසු දරුදැරියන්.

දෙදින නේවාසික නායකත්ව පුහුණු කදවුරට එක්ව සිටින සිසුන් අද (09) රාතී‍්‍රයේ දී ඔවුන්ගේ කලා සහ නිර්මාණාත්මක හැකියා එළිදක්වමින් ගිණිමැල සංදර්ශනයකට එක්වීමට නියමිතයි.
 

.....................................................................

නෙත් යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණුව තුලින් පාසලේ එකමුතුකම ගැන අපට කියා දුන්නා - ගුරුවරුන් කියයි  

(08-03-2019 19:15)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 39 වැන්න කොත්මලේ ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා. විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් මෙන්ම මවුපියන් සහ ගුරුවරුන් සඳහා ද අද (08) දිනයේ පුහුණු සැසි කිහිපයක් පැවැත්වුණා. මේ, ඊට එක්වූ විද්‍යාලයේ ගුරුවරුන් කිහිපදෙනෙකු පළ කළ අදහස්.

‘‘කොන්දේසි විරහිත ආදරය’’ රසවින්දනාත්මක වැඩසටහන අද රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතයි. 
.....................................................

අනාගත නායකයන් තනනා නෙත් යු ආර් අ ලීඩර් කොත්මලේට

(08-03-2019 12:39)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 39 වැන්න කොත්මලේ ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලයේදී අද ආරම්භ වුණා. විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් අද උදෑසන පුහුණු සැසියක්ද පැවැත්වුණු අතර මේ ඊට එක් වූ සිසුන් කිහිප දෙනෙක්.

 

ලංකා බැංකුවේ පුස්සැල්ලෑව ශාඛා කළමණාකාරිණි නිල්මිණි අත්තනායක මෙම වැඩසටහන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

 

මව්පියන් සදහා වන පුහුණු සැසිය පස්වරු 2.30 ට කොත්මලේ, ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලීය ප‍්‍රධාන ශාලාවේදී ආරම්භවීමට නියමිතයි.