Thursday, May 9, 2024

General line - 0115112241

නිල් මහ සටනේ දෙවෙනි ඉනිමේදී රාජකීය පිළෙන් සාර්ථක ආරම්භයක්

සමන්ත කුමාර




කොලඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 140වන නිල් මහා සටනේ දෙවන දිනය අදයි. සිය දෙවන ඉනිම කී‍්‍රඩා කරන රාජකීය කණ්ඩායම තේ පානය සඳහා තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 48ක් රැස් කර ගෙන සිටියා.

රාජකීය විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 158ක් පමණයි. ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 296ක් රැස් කළා. ඒ අනුව රාජකීය විද්‍යාලයීය කණ්ඩායම ශාන්ත තෝමස් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 90ක් පිටුපසින් සිටිනවා.