Thursday, May 9, 2024

General line - 0115112241

හිටපු ආරක්ෂක ලේකම් ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරනය විසින් පසුගිය පෙබරවාරි මස 20 දා  ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාල නඩුව සම්බන්ධයෙන් ලබා දුන් නියෝගයක් අත්හිටුවන ලෙසට ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙසට ඔහු කළ ඉල්ලීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඉකුත් පෙබරවාරි මස 20 වනදා ප්‍රතික්ෂේප කරන ලදී. 

එම නිසා විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් එම නියෝගය අත් හිටුවන රිට් නියෝගයක් නිකුත් කරන ලෙසට ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

තවද මෙම රිට් පෙත්සමෙන් අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරනයේ නඩු කටයුතු අත්හිටුවන ලෙසට ද ගෝඨාභය රාජපක්ෂ විසින් වැඩිදුරටත් ඉල්ලා සිටියි .

මෙම පෙත්සම මාර්තු මස 12 දා අභියාචනාධිකරණයේදී සලකා බැලීමට නියමිතය .