Thursday, May 9, 2024

General line - 0115112241

කාන්තාවන් ගෘහ සේවයට යවනවාට මම විරුද්ධයි - ජනපති කියයි




ශ‍්‍රී ලාංකික කාන්තාවන් විදේශ ගෘහ සේවයට යැවීම පිළිබඳ තමා පෞද්ගලිකව විරුද්ධ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගනයේ පැවැති් සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ලෝකයේ රටවල් වල සේවය කරනවා ගෘහ සේවකයින් ලෙස ලක්ෂ 15ක් පමණ යෙදී සිටිනවා. ශ්‍රී ලාංකිකයින් ලෝකයේ විවිධ කේෂ්ත්‍රවල රැකියා කරන පිරිස ලක්ෂ 22ක් පමණ සිටිනවා. ඔවුන්ගේ ජිවිත සැපවත්ද? විදෙස් රටවල සේවය කරන කාන්තාවන් සුරක්ෂිතව සිටිනවාද? මම දන්නා විදිහට නම් එහෙම නැහැ. මම පුද්ගලිකව ශ්‍රී ලාංකික කතුන් ගෘහ සේවයට යැවීමට අකමැති. නමුත් මේ රටේ විදේශ විනිමය ගේන මුලිකම දේ වෙලා තියෙන්නේ ගෘහ සේවයෙන් ලැබෙන මුදල්. මේ රටේ ධනේෂ්වර පන්තියේ පුද්ගලයින් වගේම රජයේ උසස් නිලතල දරන පුද්ගලයින් සුරසැප විදින්නේ යාන වාහන වල ගමන් කරන්නේ මේ ගෘහ සේවිකාවන් හම්බ කරලා එවන සල්ලි වලින් යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

‘‘සුහුරු කතක් - සොඳුරු ලොවක්’’ තේමාව යටතේ පැවැති මෙම සැමරුම් උත්සවයට කාන්තාවන් 8,000කට වැඩි පිරිසක් එක්ව සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, විදේශගත කාන්තාවක් මුහුණ දුන් අනුවේදනීය සිදුවීමක් මෙලෙස විස්තර කළා.