Sunday, May 19, 2024

General line - 0115112241

හෙරොයින් ජාවාරම්කරුවන් 05දෙනෙකු අත්අඩංගුවට




හෙරොයින් ජාවාරමට සම්බන්ධ වූ පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් තිදෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප‍්‍රදේශයේදීයි. ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 62කට ආසන්න ප‍්‍රමාණයක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙම සැකකරුවන් තිදෙනා ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල සහ ඉංගිරිය යන ප‍්‍රදේශවලදීයි.